Saturday, June 30, 2012

....ඇරඹුම.....

ඔන්න ඉතින්.. හා හා පුරා කියල... අලුත් සිද්ධියක් විස්තර කරන්නයි හදන්නෙ...
:)

මේක මගෙ ආසාවක් වගෙම තවත් කට්ටියකගෙ ඉල්ලීමක්...

මෙන්න ඒ ගැන මගෙ අදහස -
"පුංචි පුංචි ඉලෙක්ට්‍රොනික් වැඩ ටිකක් කියල දෙන්න ආසාවක් ඇති වුනා.....

ඔයාල ඒකට කැමති ද? බොහොම සරල විදියට කියල දෙන්න... මටත් මහ ගොඩක් බෑ...ඒත්, ඒ වගේ පොඩි පොඩි නිර්මාන කරල මම ඉගෙනගත්තු දේවල් ටිකක් ඔයාලටත් කියල දෙන්න කැමතියි..

කොහොමද ප්‍රතිචාර?
"

මතකද මේ ස්ටේටස් එක?
:)

මෙන්න ප්‍රතිචාර -



මූලිකවම පස් දෙනෙක්ගෙ ප්‍රතිචාර මත ආරම්භ වෙන්නෙ මේක... බොහොම සරලව.... පොඩි ලමයෙක්ට උනත් වැඩිහිටියන්ගෙ අනුදැනුම ඇතුව පරිස්සමට කරන්න පුලුවන් වෙන්න මම දන්න ටික කියල දෙන්නම්..

විශේෂයෙන්ම කියන්න ඕන.. මම සයන්ස් කාරයෙක් නම් නෙමෙයි...
ඒ නිසා මට භෞතික විද්‍යාව රසායනික විද්‍යාව පිළිබඳ ඒ හැටි දැණුමක් නම් ඇත්තෙ නෑ. ඒ නිසා ඒ සම්බන්ධව ගැටලු තිබුනොත් මේ පෝස්ටු වල මට සමාව භජනය කරල වරද නිවැරදි කරගන්ට උදවු කරන්ට ඕන.

මම ඉගෙන ගත්තු බොහොම පොඩි දේවල් ටිකක් තියෙනව.. මට පුලුවන් විදියට ඒක කියල දෙන්නම් මම ඔයාලට....

ඔය අනුකලනය අවකලනය ගැන එහෙම නම් අහන්නම එපා... මට ඒව මෙලෝ දෙයක් බෑ..

පොඩි පොඩි ඒවලින් පටන් ගන්නම්....
ඉස්සෙල්ලම අපි පාවිච්චි කරන සාමාන්‍ය උපකරණ වල ඉඳන්...

එහෙනම්.. ඔන්න අපි ලෑස්තියි...
පුංචි වැඩකට...
ලොකු වදන් නෑ.. ලොකු ලයින් නෑ..
මම දන්න දේ කියා දෙන්නම්...

දැට්ස් ඕල්...
:P

ආහ්.. අමතක උනා..
සිංහලෙන් කියාදෙන්නම්..
ඒත් සමහර වචන වලට නම් ඉංග්‍රීසි නම් තමයි පාවිච්චි කරන වෙන්නෙ....