ඔන්න පළවෙනි විස්තරය...
මම මගෙ වැඩ වලට පාවිච්චි කරන උපකරණ කීපයක්... ඇත්තම කිවුවොත් නම්, මම ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න පටන් ගත්තු දවස් වල මගෙ ලග තිබුනෙ මේකෙන්....
;)
එකක්වත්ම තිබුනෙ නෑ.... :ඩී
හරි ඒකට කමක් නෑ.. දැන් මේ සෙට් එකම මගෙ ලග තියෙනවනෙ...:ඩී
මම පාවිච්චි කරන වචන වලින්ම කියන්නම්... අනේ භාසාව නම් ගැටලුවක් කරන්ට එපා...
1 - ටෙස්ටරය - පුන්චි ප්‍රමාණයේ ඇණ හැසිරවීමට පාවිච්චි කරන ෆ්ලැට් නියනක් මේක... ඒ වගේම මේක තමයි පාවිච්චි කරන්නෙ අපේ ගෙවල් වල විදුලිය පරීක්ෂා කරන්න එහෙමත්... හරි සරලයි... මේකත් පෑනක් වගෙ... උඩ තියෙන තහඩුව ස්පර්ශ වෙන විදියට අල්ලගෙන අනිත් කෙළවර විදුලිය තියෙනවද නැද්ද කියල පරීක්ෂා කරන්න ඕන තැනට තියල බලන්ට තමයි තියෙන්නෙ... විදුලිය තිබුනොත්.. පත්තු වෙයි.... පත්තු වෙයි කිඋවෙ ටෙස්ටර් එක ඇතුලෙ තියෙන බල්බ් එක... ;) මතක තියාගන්න ඕන ඒ බල්බ් එක වැඩ කරන්නෙ ප්‍රත්‍යාවර්ත විදුලියට (AC) විතරයි... ඒකත් අවම 110V වත් වෙන්න ඕන...
2 - උල් අඬුව... මේකත් ටිකක් බහුකාර්ය අඬුවක්..අඬුවෙන් කරන වැඩ ඉතින් දන්නව ඇති නෙ ළමයි... කියනවට වඩා පාවිච්චියෙන්ම තේරුම් ගන්න එක තමයි හොඳ ඒකෙ භාවිතය ගැන...
3 - කටර් අඬුව.... මේක තමයි අපි ඉලෙක්ට්‍රොනික් වැඩ වලදි වයර් කෑලි, කම්බි කෑලි කපන්න වගෙම සමහර වෙලාවට වයර් එහෙම සුද්ද කරන්න පාවිච්චි කරන්නෙත්..
මට මුල් දවස් වල.. ඒ කියන්නෙ මේ වැඩ තනියම කරන්න පටන් ගත්තු කාලෙ, මයෙ හිතෙ 6 වසරෙදි විතර මම මේ උපකරණය වෙනුවට භාවිතා කරන්න පුලුවන් සාර්ථකම උපකරණය හොයා ගත්ත... ඒ වුනාට හැබැයි ගෙදරින් නම් ටිකක් අවුල්... මොකද එයාලට නියපොතු කපාගන්න එකක් නැති උනානෙ ඊට පස්සෙ.. ;)
4 - පිහිය, පේපර් කටර් එක... කටර් එක පේපර් උනාට මේකෙන් ගොඩක් දේවල් කපන්න පුලුවන්... ;)
හදිසියට ඊයම් උණුවෙන්නෙ නැති බවුත් එකෙ තුඩ සුද්ද කරන්නෙත් මේකෙන්... :ඩී
5 - ට්වයිසරය - මේකත් බොහොම වැදගත් උපකරණයක්... පාවිච්චියට ටිකක් හුරු උනාම වටිනාකම කියල නිම කොරන්ට බෑ ඕන්... මට මතක ඇති කාලෙක ඉඳන් සර්කිට් පාස්සනකොට අත, ඇඟිලි එහෙම වැඩිපුරම පුච්චගෙන තියෙන්නෙ මෙහෙම එකක් පාවිච්චි නොකරපු නිසා කියලයි මට නම් හිතෙන්නෙ...
හරියට බැලුවොත් නම් ගෑණු ළමෙක්ට මේක අඳුරගන්න බැරි වෙන එකක් නෑ... ;)
මේ තියෙන්නෙ අර ඇහි බැමේ මොනවද ඒව ගලවන්න පාවිච්චි කරන එකක්... මට වර්ක්ශොප් එකේ පාවිච්චි කරන්ට එකක් තිබුනෙ නැති නිසාඅපේ අම්ම ගෙනත් තිබිච්ච එක තමයි මේ හොරෙන් උස්සන් ගියෙ.. ගිහින් පොඩි වෙනසක් දාල මට ඕන විදියට හදා ගත්ත,,,,, :ඩී
දිග වැඩි උනා වගෙ... අදට ඇති වගෙ...
ගැටලු ඇත්නම් කමෙන්ටුවක් විදියට දාන්න..
ඒ නැතත් අඩු ගානෙ අදහසක් වත් දාල යන්ට මයෙ හිත හැදෙන්ට...
ඊළඟ පෝස්ට් එකේ තවත්, ඒ වගේම වැදගත්ම උපකරණයක් ගැන කියාදෙන්නම්කො මම ළමයින්ට...
අදට අපෙ ඉලෙක්ට්‍රොනික් පාඩම ඉවරයි....
ඔන්න මම ගියා...
ඉක්මනටට වෑඩක් ගන්න පුලුවන් පෝස්ට් එකක් දාපන් කෝ බන්,බිසීනම් අවුලක් නෑ
ReplyDeleteහහා.... අපිත් ආසයි ඉක්මන් ගමනට...
Deleteඒත් මුකුත්ම දන්නෙ නැති උන් පව්නේ කොල්ලො...
:)
හොදා හොදා...වැඩේ එල.
ReplyDeleteවැඩක් ගන්න පුලුවන් විදියට බේසික් ඉදන්ම දාගෙන යන්න
හරෙ හරේ...
Deleteගැටලු... තේරෙන්නෙ නැති දෙයක්... ප්‍රශන තියෙ නම් කමෙන්ට් එකක් දාන්ට ඒ සම්බන්ධවත්..
දන්න දෙයක් නම් කියා දෙන්නම්..
:)
3 ට කියන්නෙ සයිඩ් කටර් එක කියලා මං හිතන්නෙ.. :D
ReplyDeleteමාත් නියපොතු කටර් එක තමා ගත්තෙ :P
ඉක්මනට ඊලග ලිපිත් දාන්ඩ :D
එල එල...
Deleteවල් හාවත් සබ්ජෙක්සට් ඉන්ටරෙස්ට් වගේ..
හහා...
වෙන්න ඇති කොලුවො...
මටත් ඕක කවුරු හරි කිවුව..
කෝම හරි කටර් එකක් නෙ අෆ්ෆ...
:ඩී
හරි හරි ඔහොම යං
ReplyDeleteඑල එල....
Delete:)
හා එල එල මමත් ආවා ඉගෙන ගන්න :)
ReplyDeleteමයෙ මැණිකටත් කියා දෙන්නම්කො මෙව්ව...
Deleteහරියට අහගන්ට ඕනෑ..
ප්‍රශ්න තියෙ නම් අහන්ටත් ඕනැ...
:)
හා <3
Deleteමගෙ හොඳ මැණික...
Delete<3
ela ela
ReplyDeleteඔන්න අපි වැඩේ පත්තු කරන්නයි යන්නෙ....
Delete:)
තෑන්ක්ස්..
;)