Saturday, June 30, 2012

....ඇරඹුම.....

ඔන්න ඉතින්.. හා හා පුරා කියල... අලුත් සිද්ධියක් විස්තර කරන්නයි හදන්නෙ...
:)

මේක මගෙ ආසාවක් වගෙම තවත් කට්ටියකගෙ ඉල්ලීමක්...

මෙන්න ඒ ගැන මගෙ අදහස -
"පුංචි පුංචි ඉලෙක්ට්‍රොනික් වැඩ ටිකක් කියල දෙන්න ආසාවක් ඇති වුනා.....

ඔයාල ඒකට කැමති ද? බොහොම සරල විදියට කියල දෙන්න... මටත් මහ ගොඩක් බෑ...ඒත්, ඒ වගේ පොඩි පොඩි නිර්මාන කරල මම ඉගෙනගත්තු දේවල් ටිකක් ඔයාලටත් කියල දෙන්න කැමතියි..

කොහොමද ප්‍රතිචාර?
"

මතකද මේ ස්ටේටස් එක?
:)

මෙන්න ප්‍රතිචාර -



මූලිකවම පස් දෙනෙක්ගෙ ප්‍රතිචාර මත ආරම්භ වෙන්නෙ මේක... බොහොම සරලව.... පොඩි ලමයෙක්ට උනත් වැඩිහිටියන්ගෙ අනුදැනුම ඇතුව පරිස්සමට කරන්න පුලුවන් වෙන්න මම දන්න ටික කියල දෙන්නම්..

විශේෂයෙන්ම කියන්න ඕන.. මම සයන්ස් කාරයෙක් නම් නෙමෙයි...
ඒ නිසා මට භෞතික විද්‍යාව රසායනික විද්‍යාව පිළිබඳ ඒ හැටි දැණුමක් නම් ඇත්තෙ නෑ. ඒ නිසා ඒ සම්බන්ධව ගැටලු තිබුනොත් මේ පෝස්ටු වල මට සමාව භජනය කරල වරද නිවැරදි කරගන්ට උදවු කරන්ට ඕන.

මම ඉගෙන ගත්තු බොහොම පොඩි දේවල් ටිකක් තියෙනව.. මට පුලුවන් විදියට ඒක කියල දෙන්නම් මම ඔයාලට....

ඔය අනුකලනය අවකලනය ගැන එහෙම නම් අහන්නම එපා... මට ඒව මෙලෝ දෙයක් බෑ..

පොඩි පොඩි ඒවලින් පටන් ගන්නම්....
ඉස්සෙල්ලම අපි පාවිච්චි කරන සාමාන්‍ය උපකරණ වල ඉඳන්...

එහෙනම්.. ඔන්න අපි ලෑස්තියි...
පුංචි වැඩකට...
ලොකු වදන් නෑ.. ලොකු ලයින් නෑ..
මම දන්න දේ කියා දෙන්නම්...

දැට්ස් ඕල්...
:P

ආහ්.. අමතක උනා..
සිංහලෙන් කියාදෙන්නම්..
ඒත් සමහර වචන වලට නම් ඉංග්‍රීසි නම් තමයි පාවිච්චි කරන වෙන්නෙ....

10 comments:

  1. එල එල..ඉක්මනට දාමු.....වර්ඩ් වෙරිෆිකේශන් අහක් කරපන්

    ReplyDelete
    Replies
    1. එල එල...
      අයින් කලා ඕන්...
      :)

      Delete
  2. ආ එළනේ.. හැබැයි උඹ මේක ලියන එක මගින් නැවැත්තුවොත්.. කඩනවා අඩු!!

    ReplyDelete
    Replies
    1. අලේ ලෑ ලෑ...
      මම දන්න දේවල් කියා දෙනව වගෙම දන්න දේවල් ඉවර උනාම බොරු ටිකක් හරි ඇත්ත වගෙ දාන්නම්කො නවත්තන්නෙ නැතුව..
      :ඩී

      Delete
  3. නියමයි

    …කාලෝ අයන්තේ.........

    ReplyDelete
  4. මටත් ආසාවක් ඇතිවුනා ඉගෙන ගන්ට :ඔ

    ReplyDelete
    Replies
    1. අලේ.... මයෙ මැණික...
      ඔයැයිටත් ඉගෙන ගන්න පුලුවන් වෙන්න සරළවම දාන්නම්කො..
      ප්‍රශ්න ගැටලු තියෙ නම් අහන්ටකො...
      :)

      Delete
  5. පුලුවන්නම් සැටලයිට් ඇන්ටනා පොඩ්ඩක් කියන්නකො

    ReplyDelete
  6. මන් උබව දන්නෙත් නෑ දැකලත් නෑ. එත් උබේ වැඩේ නියමයි මිත්‍රයා. මන් දන්නා electronics ටිකකුත් තියේ. සප් එකක් ඕනි නම් ඉල්ලාපන්. FB - Daham Wijekoon

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....