Monday, July 9, 2012

පාස්සන හැටි බලමු

                  මේකයි ඉතින් සිද්ධිය. මගෙ ළඟ මේ වෙලාවෙ පාස්සන හැටි හොඳටම කියා දෙන්න පාවිච්චි කරන "වෙරෝ බෝඩ්" නෑ... කොටින්ම මම සර්කිට් හදන්න ගත්තු කාලෙ මම ඔය නම අහලවත් තිබුනෙ නෑ. මට නම් කෝකටත් තෛලෙ උනේ ෆෝමිකා බෝඩ් කෑලි තමයි. සල්ලි දීල ගන්න ඕන උනෙත් නෑ. මාමලගෙ ගෙදර තිබුන ඕන තරම් මගෙ වැඩ වලට ගන්න පුලුවන් ෆෝමිකා කෑලි. :) අනික දැන් වගෙ වෙරෝ බෝඩ් අඩුවට ගන්න තිබුනෙත් නෑ ඒ කාලෙ.. ඒ වගෙම අපි හදපු තරමක් සර්කිට් හදන්න වෙරෝ බෝඩ් ගන්න ගියා නම් අපිව විකිණිලා මෙලහකටත්!!:ඩී

            වෙළඳපොලේ වෙරෝ බෝඩ් පොඩි එකක් රුපියල් 100කට විත ගන්න පුලුවන් වෙයි ඔයාලට. වෙරෝ බෝඩ් වර්ග දෙකක් තියේ... උඩ පෙනුමෙන් නම් දෙකම එක වගෙ...;)
ඒත් යට පෙනුමෙන් නම් ජාති දෙකක්.. :පී
පිටත එහෙමත් නැත්තම් උඩ පැත්තෙ පෙනුම - නිකම් සිදුරු විදපු බෝඩ් එකක් වගෙ



 මෙන්න එක ජාතියක්.... මේකෙ වැඩ කරනකොට ටිකක් පරිස්සමට... මොකද මේ ජාතියෙ බෝඩ් වල ඔයාලට පේනව වගෙම දකුණු පැත්තට තියෙන හැම පේලියක්ම තඹ තීරුවකින් එකතු වෙලා තියෙන්නෙ... ඒ නිසා උපකරණ දානකොට බෝම කල්පනාවෙන් වැඩ කරන්ට වෙනව... :)

මේ තියෙන්නෙ අනිත් වර්ගෙ.... මම හිතන්නෙ පුරුදු වෙන ආධුනික මට්ටමේ හැමෝටම ගැළපෙන්නෙ මේ බෝඩ් ජාතිය. මොකද මේකෙ එහෙම එක පැත්තක් තඹ තීරු වලින් සම්බන්ධ කරල නෑ... :) හැම සිදුරක්ම වටේට පුංචි තඹ රවුමක් තියෙනව. ඒ නිසා මොකක් හරි උපකරණයක පින් (අග්‍ර) මේ සිදුරු වලින් දාල පාස්සනකොට තඹ රවුමටත් එක්ක හොඳට ඊයම් අල්ලල ශක්තිමත්ව බෝඩ් එකට සවි වෙනව...


විශේෂයි - මේකෙ මේ තඹ රවුම (හෝ තඹ ඉරි ) තියෙන පැත්තට කියන්නෙ ප්‍රින්ටඩ් සයිඩ් එක කියල. අපි උපකරන සවි කරන්නෙ මෙන්න මේ ප්‍රින්ටෙඩ් සයිඩ් එකේ තියෙන සිදුරු වලින් උපකරණ වල කම්බි එහෙමත් නැත්තම් පින් එලියට එන විදියට. අපි හිතමු පොඩි ට්‍රාන්සිස්ටරයක් කියල (කියල දෙනව ඒව ගැන පස්සෙ :පී). ඒක බෝඩ් එකේ පින් බෝඩ් එකේ උඩ පැත්තෙන් තමයි සිදුරු වලට බස්සන්න ඕන ප්‍රින්ටෙඩ් පැත්තෙ සිදුරු වලින් පින් එලියට එන විදියට...ඒක විශේෂයි... අනිත් පැත්තට දැම්මොත් මොන සර්කිට් එක හැදුවත් වැඩ කරන්න තියෙන සම්බාවිතාව නම් සෑහෙන්න අඩුයි..:)

මේ පහළින් තියෙන්නෙ එහෙම උපකරණ දාල පාස්සල තියෙන බෝඩ් එකක උඩින් පෙනුම සහ යටත පෙනුම -





ගැටලු තියේ නම් මෙතනම යටින් කමෙන්ටුවක් දාන්ට ඕන!!!








8 comments:

  1. බ්ලොග් සතිය වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කල ඔබට ස්තූතියි!

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි කියල දුන්නට! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගෙත් එක්ක ඉන්නවට අලියෝ.....

      Delete
  3. හම්මා එල එල මේකත් කොරලා බලමුකෝ thanq වේවා

    ReplyDelete
    Replies
    1. එල එල මලේ....
      දිගටම ඉඳල බලන්ටකෝ...
      අලි මලිත් ඉලෙක්ට්‍රොනික් මලිත් වෙන හැටි බලන්න...
      :ඩී

      Delete
  4. ප්‍රස්ණයක් තියේ... කොපර් ක්ලැඩ් බෝඩ් එකකින් පීසීබී එකක් හදන හැටි කියලා දෙන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. මෙහෙම දෙයක් තිබේ... හදන හැටි නම් මට කියා දෙන්න පුලුවනි... නමුත් ඒකෙ සාර්ථක බව ගැන නම් ලොකු වගකීමක් දෙන්න බෑ මට.. මමත් මගේ මාම එක්ක මීට අවුරුදු පහ හයකට කලින් ඒක කරල බැලුව.. හොඳ ප්‍රතිඵල තිබුන.. නිකම් ආසාවට කරල බන්න නම් හොඳයි..ඊට වඩා ගත යුත්තක් නම් නෑ..

      මම ඉදිරි පෝස්ට් එකක ඒ ගැන කතා කරන්නම්කො...

      බොහොම ස්තූතියි ඉදිරිපත් කල ගැටලුව ට..

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....