Wednesday, July 11, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ට්‍රාන්සිස්ටරය

ට්‍රාන්සිස්ටරය - Transistor

 මේ තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ට්‍රාන්සිස්ටර් වර්ග තුනක පිටත පෙනුම..
මෙතනින් අපි වැඩිපුරම පාවිච්චි කරන එක තමයි මේ C828 කියන එක (අපේ වැඩ වලට ).

මේ උපකරණයෙ අග්‍ර තුනක් තියෙනව. ඒක පැහැදිළිව හඳුන ගන්න පුලුවන්. (එසේ නොවන ට්‍රාන්සිස්ටර් වර්ගයක් ද තිබේ - මා දැනුවත්ව ). ට්‍රාන්සිස්ටරය සෑදීමට යොදාගන්නෙ සිලිකන් හා ජර්මේනියම් කියන මූලද්‍රවය  දෙකයි. ඒ යොදා ගැනීම අනූව NPN හා PNP කියල ට්‍රාන්සිස්ටර් වර්ග දෙකකට බෙදෙනව. ඒකෙදි යොදාගන්න මූලද්‍රවය වෙනස වෙනම මාතෘකාවකින් කතා කරමු, දැනට අපිට අපේ වැඩ වලට ඒව ඕන නෑ...

ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුන විශේෂ නම් තුනකින් හඳුන්වනව.
1. සංග්‍රාහකය (Collector) " C "
2. පාදම (Base) " B "
3. විමෝචකය (Emitter) " E "

අපේ පහසුවට අපි ඒ පාද වල මුල් අකුරු තුන තමයි පාවිච්චි කරන්නෙ....
අර මම කලින් කිවුව කියන ට්‍රාන්සිස්ටර් වර්ග දෙකේ ප්‍රධානම වෙනස්කම තමයි එකක් වැඩ කරන්නෙ ධන (+) වෝල්ටීයතාවයෙන්. අනික සෘණ (-) වෝල්ටීයතාවෙන්. ඒකත් දිග මාතෘකාවක්. වෙනම විස්තර කරන්නම්කො.

මෙන්න ඒ දෙකේ සංකේත දෙක.

NPN ට්‍රාන්සිස්ටර්





PNP ට්‍රාන්සිස්ටර්

 හොඳයි..
අපි අපේ වැඩ වලට පාවිච්චි කරන්න හිතන් ඉන්න ප්‍රධානම බහු කාර්ය ට්‍රාන්සිස්ටරය තමයි C828 ට්‍රාන්සිස්ටරය. අපි පරිපථ නිර්මානයේදි සැබෑ රූප යොදාගන්නෙ නෑ.. ඒකෙදි යොදාගන්නෙ ඔය උඩින් ඇඳල තියෙන විදියෙ සංකේත.
මේ පහතින් තියෙන්නෙ ඒ වගේ අපි අපේ වැඩ වලදි යොදාගන්න බලාපොරොතු වෙන ට්‍රාන්සිස්ටර කීපයක අග්‍ර නම් කරල තියෙන විදිය.
ඒ වගෙම විශේෂයෙන්ම කියන්න ඕන අපි මුලින් හදන්න හිතන් ඉන්න හුගක් පරිපථ වලදි අපි පාවිච්චි කරන්නෙ NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර්. මේ පාතින් පාද නම් කරල දාල තියෙන ට්‍රාන්සිස්ටර් දෙකම අයිති වෙන්නෙ අන්න ඒ NPN කාණ්ඩයටයි.













මේ පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව කොමෙන්ටුවක් දාන්ට.

ගැටලුවක් නැතත් අදහස කොමෙන්ටුවකට දාල යන්ට පුලුවන් නම් ඒකටත් ස්තූතිවන්ත වෙනව මම...






12 comments:

  1. අදට මට ගැටලු නැත... ඔය දෙකම දනිමි...

    ReplyDelete
  2. ඔය පෙන්නලා තියෙන ට්‍රාන්සිස්ටර් දෙකේ බේස් එකයි,එමිටර් එකයි මාරු වෙන්නේ කොහොමද ? ඒක හොයා ගන්නේ කොහොමද? සමාවෙන්න හොඳ් මම වැඩිය මොකුත් දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්..
      උදාහරණයකින් පැහැදිළි කරන්නම්කො....
      ඩී313 ට්‍රාන්සිස්ටරයේ සැබෑ රූපයක් ඉහළින් දකින්න පුලුවන්.. ඒකෙ අගය මුද්‍රිත පැත්ත ඔයාගෙ මූණ පැත්තට අල්ලගත්තම මම ඇඳල දාල තියෙන රූප සටහනේ විදියට ඒකෙ අග්‍ර හඳුනගන්න පුලුවන්. අනිත් එකෙත් ඒ වගෙම තමයි.... අගය මුද්‍රිත පැත්ත තමන්ට පේන විදියට අල්ලගත්තම D313 නම්(වම් පැත්තෙ ඉඳන්) පළවෙනි අග්‍රය Base, දෙවෙනි අග්‍රය Collector 3වෙනි අග්‍රය Emitter.

      හොඳයි... මුළ ඉඳලම ඉගෙන ගන්න ආස අයට තමයි ලියන්නෙ... මමත් ඉංජිනේරුවෙක් නෙමෙයි ඉතින්.. එදිනෙදා වැඩ වලට ඉලෙක්ට්‍රොනික් පාවිච්චි කරන කෙනෙක් විතරයි නෙ.. ඉතින්.. මම දන්න දේවල් කියල දෙන්නම්...

      ස්තූතියි ඔයාගෙ ගැටලුවට..

      Delete
  3. ට්‍රාන්සිස්ටර් ගැන තව ලියන්නේ නැද්ද??
    :(

    ReplyDelete
    Replies
    1. දැනට සරලව... අපේ වැඩ වලට ඇති වෙන්න... ඉදිරියෙදි..
      ම්ට වඩා ලියන්නට අදසක් ඇත...
      :)

      Delete
  4. මචං pnp,npn යනුවෙන් වර්ග දෙකකට බෙදෙන්නේ සාදා ඇති අර්ධසන්නායකය මත නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... සාදා ඇති අර්ධ සන්නායක මත නෙමෙයි... ඒවා යොදල තියෙන විදිය අනුව.. මැදට යොදල තියෙන්නෙ එකක්.. ඊට දෙපැත්තෙන් එකක්.. මම ඒක එච්චර විස්තර කලේ නෑ ඒ තරම් වැදගත් වෙයි කියල නොහිතපු නිසා... ඒත් ඔබතුමාට පුලුවන් නම් කමෙන්ට් එකක් විදියට ඒ ගැන බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න... ඒක ගොඩක් මේ පෝස්ටුවට වගේම පෝස්ටුවෙ කමෙන්ට් කියවන අයටත් ගොඩක් වැදගත් වේවි...

      Delete
  5. transsister ake mulika karaya mokakda?

    ReplyDelete
  6. බොහොම හොඳ උත්සාහයක්

    ReplyDelete
  7. Transister wala + ha - agra monawada

    ReplyDelete
  8. plzzz...මට කියලා දෙන්න ට්‍රාන්සිස්ටරයේ ඇතුලේ ක්‍රියාකාරීත්වය pn junction එක්ක ?අපි කොහොමද ට්‍රාන්සිස්ටරය පාවිචචි කරන්නේ?

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....