Thursday, July 12, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ප්‍රතිරෝධ

ප්‍රතිරෝධ - Resistors

මේකත් හරියට හුඟක් අය ආදරය කරනකොට එයාලගෙ දෙමවුපියන්ගෙන් එයාලගෙ ආදරේ ට වෙන ක්‍රියාවට සමානයි.

මේක ගමන් කරන විදුලිය හරස් කරන මාර්ග බාධකයක් වගෙ..

හා හා...  රස කතා ඕන නෑ..
මෙන්න විස්තරේ...

මේක අපි පාවිච්චි කරන්නෙ යම්කිසි පරිපථයක ගලන ධාරාව පාලනය කරන්නයි.
මේකෙත් වර්ග දෙකයි.

1. ස්ථිර ප්‍රතිරෝධක (Fixed Resistor)
2. විචල්‍ය ප්‍රතිරෝධක (Variable Resistor)

ඒකෙදි විචල්‍ය ප්‍රතිරෝධක වර්ග නම් ගොඩක් තියෙනව... අපි ඉදිරියෙදි හදන්න ඉන්න පරිපථ වලදි මේ දෙකම පාවිච්චි කරන්නත් හිතන් ඉන්නව.

ස්ථිර ප්‍රතිරෝධක (Fixed Resistor)
මේ ප්‍රතිරෝධක ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩයි. මේවායේ අගය සඳහන් කරල තියෙන්නෙත් විශේෂ ක්‍රමයකට. ස්ථිර ප්‍රතිරෝධක වල අගය සඳහන් කරල තියෙන්නෙ වර්ණ කේත (colour code) භාවිතා කරලයි.
මේ පහතින් තියෙන්නෙ අගය කිලෝ ඕම් 1 ක් (1kΩ)  වෙන ප්‍රතිරෝධකයක පිංතූරයක්.

මේවයෙ අගය මනින විදිය ගැන ඊළඟ පෝස්ටුවෙන් කියා දෙන්නම්කො...
අදට ඇති වගෙ,,,
මටත් අද ටිකක් මහන්සියි...
:)

ප්‍රශ්න ගැටලු තියේ නම් අහන්ට ඕනෑ...!!








5 comments:

  1. මේ ටීචගේ තියෙන කම්මැලිකම බලපල්ලකෝ...

    ReplyDelete
  2. ධාරාව විතරක් නෙමෙයි මචං විභවයත් බෙදන්න පුලුවන්. ටිකක් වැඩිපුර විස්තර එකතු වුනා නම් හොදයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට....
      මේක ටිකක් හදිසියෙන් ලියන්න වෙච්ච එකක්...
      ඔව්... මට ඒක අත ඇරුන... විභවයත් බෙදන්න පුලුවන්...
      මම මේක තව ටිකක් පැහැදිළි කරල ලියන්න හිතාගෙන ඉන්නව. ඒත්... කාලය.. වගෙම අවශ්යතාවත් වැදගත් නෙ අෆ්ෆ...

      ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොනව සම්බන්ධයෙන් වැඩිපුර විස්තර ද?
      පොඩි අදහසක් දෙන්න පුලුවන් නම් වටිනව ඒ ගැන...

      Delete
  3. rasa katha ohna na nevey... ohna ;)))

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....