Friday, July 6, 2012

මගෙ උපකරණ ටික ii

මම කලින් අපි පාවිච්චි කරන මූලික උපකරණ කීපයක් ගැන කතා කලා නෙ.. මෙන්න ඊළඟට වැදගත්ම උපකරණය.

බවුත් එක සහ ඊයම්.

බවුත් එක සහ ඊයම් රෝල - මේ වගෙ ඊයම් රෝලක් ගන්න නම් ඔයාලට රු 1500ක් වත් යයි..!! :ඩී



බවුත් එක - (මේක මගෙ වැඩපොලේ මම පාවිච්චි කරන එක නිසයි ටිකක් පරණ පාට. ඒ උනත් අලුත් ඒවට වඩා වැඩ වලදි මේක සුපිරි)

ඉලෙක්ට්‍රොනික් වලදි අපි උපකරණ එකිනෙක හොඳින් සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නෙ ඝණ ඊයම්. ඉතින් ඝණ ඊයම් තිබුන කියල ආයෙ ඇලෙනවයි කියල යැ? ඊයම් උණු කරල තමයි අලවන්ට ඕනෑ. අන්න ඒ ඊයම් උණු කරන්න පාවිච්චි කරන උපකරණය තමයි මෙන්න මේ බවුත් එක කියල කියන්නෙ අපි. ඉලෙට්‍රොනික් පරිපථයක කම්බි හෝ වයර් එකිනෙක සම්බන්ධ වෙන තැන් වලදි ඒවා හොඳින් සවි වීමට වගේම ඒ හරහා හොඳින් විදුලිය ගමන් කරවීමටත් තමයි අපී ඊයම් වලින් ඒව පාස්සන්නෙ...

බවුත් සහ ඊයම් මිළදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු -

බවුත්
වෙළඳපොලේ එක එක මිළ ගණන් වලට බවුත් තියේ..
බවුත් වල ක්ෂමතාව එහෙමත් නැත්තම් වොට් අගය මත එක එක විදියෙ බවුත් තියෙනව.
30W, 40W, 60W, 80W වගෙ අගයන් වලින් තියෙනව.. ඉලක්කම් ලොකු වෙන්න වෙන්න ගානත් ටික ටික වැඩි වෙනව. ඒවයින් වැඩක් නෑ.. මම මෙතන කියාදෙන ඒවට 30W හරි 40W හරි බවුත් එකක් හොඳටෝම ඇති. ඒ විදියෙ සාමාන්‍ය බවුත් එකක් රු. 100කට රු. 150කට විතර ගන්න පුලුවන්. ඊට වැඩි ගනන් වලට හොඳ බවුත් තියෙනව. ඒවයෙ ගාන වැඩි වෙන්න හේතු කීපයක් තියෙනව. එලිමන්ට් එක (බවුත් එකේ රත් වෙන කම්
බි ටික ) සෑහෙන්න හොඳ එකක් වීම, බිට් එක (බවුත් එකේ ඊයම් උණු වෙන තුඩ ) සෙරමික් හෝ තඹ වීම එහෙමත් නැත්තම් කඩ කාරයා කළු කඩ මුදලාලියෙක් වීම. :ඩී!!
හරි හරි... රුපියල් 100/150 විතර 40W බවුත් එකක් ගන්ටකො.

ඊයම්

ඊයම් දැනට නම් ඔයාල සිල්ලරට ගන්න එක තමයි හොඳ. මොකද තොග ගණන් බොහොම ලොකු ඉලක්කම් වලින් තියෙන නිසා.
ඊයම් මීටර් ගානට ගන්න පුලුවන්. ඊයම් කම්බියෙ ඝණකම අනුව මීටරයක ගාන වෙනස් වෙන්න පුලුවන්.
0.8mm ඝණකම ඊයම් මීටරයක් රු. 35 ක් වගෙ ගාණක් වේවි.
අපේ වැඩ වලටත් ගොඩක් හොඳ මෙන්න මේ ඝණකම තියෙන ඊයම් තමයි... හීනිම එකත් අමාරුයි පාවිච්චි කරන්න.. ඒ වගෙම මීට වඩා මහත (ඝණකම )එකත් පාවිච්චි කරන්න අමාරුයි...

මේ සම්බන්ධ මොනව හරි මගෙන් අහන්න තියේ නම් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්ටකො...මේ ගැන විස්තර මදි නම් ඒකත් කියන්ටකො... විස්තර මදි වෙන්නෙ නම් මුළ ඉඳන් ඉගෙන ගන්න අයට නෙ.

පාස්සන හැටි (කම්බි හෝ වයර් සම්බන්ධ කරන හැටි) ඊළඟ පෝස්ට් එකට දානව.




4 comments:

  1. අපේ ගෙදර නම් බවුත් එකක් තිබුනා අපේ මල්ලි අරගෙන. ඉස්සර පොඩි කාලේ එයා පරිපත හදනවා තාත්තිගෙන් අහගෙන, LED බල්බ් දාලා.
    :)

    ReplyDelete
    Replies
    1. හෙහේ....
      ඒක හරිම විනෝදජනකයි....
      ඒ වගේ පොඩි එකක් උනත් මහන්සියෙන් හදල වැඩ කරපුව පුදුම ආත්ම තෘප්තියක් ලබන්න පුලුවනි ඒකෙන්...
      ඒ වගෙම ඒක අපේ එදිනෙදා ජීවිතයටත් ගොඩාක් ප්‍රයෝජනවත්!!

      Delete
  2. හ්ම්ම්... බවුත් නං කියලා වැඩක් නෑ අප්පා... ගේන ගේන බවුත් එක පිච්චෙනවා... හැබෑට ඕකට කරන්න දෙයක් නැද්ද? එක දෙයක් නං තියෙනවා... පාවිච්චි නොකර ඉන්න එක... පස්සේ පාවිච්චි ‍නොකරන වෙලාවට ටිකක් කූල් වෙන්න කියලා වයර් එක මැදට Diode එකක් පාස්සලා ස්විච් එකකුත් දැම්මා... පාවිච්චි නොකරන වෙලාවට ඒක හරහා කරන්ට් එක යවලා පාවිච්චි කරනකොට කෙලින්ම කරන්ට් එක දුන්නා... ඒ පාර වැඩේ ටිකක් හරිගියා... ඒත් ටික දවසකින් පිච්චෙනවා... දැන් කරන්නේ ලේසිම වැඩේ... ලිපට යකඩ කූරක් දාලා රත් වුණාම ඒක ඇරන් පීසීබී එක උඩින් තියනවා... කොහොමද ටිකිරි මොලේ...

    ReplyDelete
    Replies
    1. හෙහේ... ඒක වෙන්නෙ හේතු 3ක් තීයෙන්න පුලුවන්..
      1. ගෙදරට එන ලයින් එකේ වෝල්ටීයතාව 250V වලට වඩා වැඩි විම.
      2. එලිමන්ට් එක හොඳ එකක් නොවීම.
      3. ප්‍රධාන විදුලියට සම්බන්ධ වන ප්ලග් එකේ හෝ සම්බන්දතාවයේ නිස් සම්බන්ධාවක් නොතිබීම නිසා බවුත් එලිමන්ට් එකට කඩින් කඩ විදුලිය ලැබීම...

      මටත් ඔය ප්‍රශ්නෙ තිබුන කාලයක්... පුංචි... ඒ වගෙම සරල විසඳුමක් කියන්නම්...
      30W - 80W අතර ක්ශමතාවකින් යුක්ත පිලමන්ට් බල්බ් එකක් හරහා බවුත් එකට විදිලිය දෙන්න... මෙහෙම කිවුවොත් - "බවුත් එකට වොට් 40ක විතර බල්බ් එකක් සීරියස් කරල පවර් දෙන්න"
      මේක බොහෝ දුරට සාර්ථකයි...

      ඔයාගෙ ප්‍රශ්නෙ ගොඩක් හොඳයි... ඔය මම කියපු ගැජට් එක හදාගන්න විදිය මම ඊළඟ පෝස්ට් එකකට දාන්න අදහසක් ආව...

      ඹෝම ස්තූතියි අළුත් මල්ලි ගෙ අදහසට...
      (Y)

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....