Saturday, October 6, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ප්‍රතිරෝධ iii

හොඳයි ළමයි...
මට දැනුන පොඩි ප්‍රශ්නයක්.. කලින් ප්‍රතිරෝධ වල අගයන් හොයාගන්න දීපු වර්ණ කේත් වගුව ගැන.. හොඳටම දැණුම තියෙන අයට නැති උනාට අලුතෙන් ඉගෙනගන්න අයට ඒකෙ ප්‍රශ්න කීපයක් ඇති වෙන බව මගෙ යාලුවෙක් කිවුව.. පස්සෙ බලපුවමයි මටත් තේරුනේ!!
(*1*)මටත් ඒකෙ සමහර අගයන් හොයන්න බෑ වගෙ.. :ඩී
ඒ නිසා මම ඊට වඩා සරළ කරල හැදුව වර්ණ කේත වගුවක් ආයෙමත්.. ඔන්න මේ පහල තියෙන්නෙ ඒක...

ක්ලික් කරල ලොකු කරල බලන්න.. නැත්තම් බාගන්න...

මෙතනදි ඔයාලට එන්න පුලුවන් ප්‍රශ්නය තමයි 1.8Ω වගෙ ප්‍රතිරෝධකයක වර්ණ ටික කියන එක....

(*2*)මේක වැදගත්... තෙවෙනි වර්ණය රන් (හෝ රිදී) නම්.. ඒ හැම ප්‍රශිරෝධකයක්ම 10Ω ට අඩු ඒව...  ඒ වගෙ වෙලාවට පළවෙනි වර්ණයට අදාල අගය ලියන්න ඊට පස්සෙ දශම තිතක් තියන්න.. ඊට පස්සෙ දෙවෙනි වර්ණයට අදාල අගය ලියන්න..

උදා - දුඹුරු කලු රන් = 1.0Ω
         දුඹුරු රතු රන් = 1.2Ω
          කහ දම් රන්   = 4.7Ω

(*3*)අනිත් ගැටලුව තමයි ප්‍රතිරෝධකයක කොයි පැත්තෙ ඉඳලද මේ විදියට අගයන් කියවන්න ඕන කියන එක...
 මෙන්න ඒ ගැන...
ප්‍රතිරෝධකයක  මුලින් කියවිය යුතු වර්ණයන් විය යුත්තේ ඉහත වගුවේ 0 සිට 9 දක්වා අගයන් වලට අදාල වර්ණ පිහිටා තිබෙන පැත්තේ සිටයි..
සරලව කියනව නම් ඔබ ප්‍රතිරෝධකයක එක් අග්‍රයකින් අල්ලා ගත් විට එහි එක් පැත්තක මුලින්ම දකින්න තියෙන වර්ණ ඉර රන් හෝ රිදි නම් ඔබ එය කියවිය යුත්තේ එහි අනෙක් පස සිටයි..

සෑම විටම ප්‍රතිරෝධකයක කියවිය යුතු පළමු වර්ණය රන් හෝ රිදී නොවිය යුතුයි... එහි පළමු වර්ණය රන් හෝ රිදී නම්.... ඔබට වැරදී ඇත.. ඔබ කියවිය යුත්තේ එහි අනෙක් පස ඇති වර්ණ අනුපිළිවෙලටයි..

(*4*) අනිත් ගැටලුව මේ වගුවේ රන් හා රිදී වර්ණයන්ට නිසි අගයක් යොදා නොතිබීම.. ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් එහි සඳහන් කරල තියෙන අගයන්ට වඩා පොඩි වෙනසක් තියෙන්න පුලුවන්... මෙහෙම කියන්නම්කො... දුඹුරු, කලු, රතු, රන් ලෙස සඳහන් වෙන්නෙ 1KΩ ප්‍රතිරෝධකයක සම්මත අගය 5% කින් වගෙ වෙනස් වෙන්න පුලුවන්... ඒ කියන්නෙ ඒ ප්‍රතිරෝදකයෙ ප්‍රතිරෝදය 5% කින් වැඩි හෝ අඩු වෙන්න පුලුවන්... ලොකු බලපෑමක් නම් වෙන්නෙ නෑ අපි හදන පරිපථ වලට... ඒත් ගොඩක් සංවේදී පරිපථ වලට බලපාන නිසයි ඒවයෙ නිෂ්පාදකයො ඒ අගයනුත් සඳහන් කරල තියෙන්නෙ.. ඔයාලට මම දෙයක් කියන්නද.. ??
ප්‍රතිරොධකයක හතර වෙනි වර්ණය රන් හෝ රිදී නම්... කොටින්ම ඔයාල හතරවෙනි වර්ණය ගැන හිතන්නම එපා... මුල් වර්ණ තුන විතරක් ඔයාලට ඇති..

වැදගත් - වර්ණ පහකින් යුතු ප්‍රතිරෝධක තිබුනද.. ඒවා වෙළඳපොලේ දුලබය... අපේ වැඩ වලටත් එහෙම ඒවා ඕනෑ නැත.. :ඩී

සෑම විටකම වර්ණ කේත වගුවෙන් බලා ලබාගන්නා අගය 1000ට වැඩි නම් එය 1000න් බෙදා ඊට අදාල වැඩි අගය ලබාගන්න..

1000Ω == 1KΩ
1000K
Ω == 1 MΩ

තව ගැටලු තියෙ නම්... ඒකත් පහලින්ම දාන්නකො කොමෙන්ටුවක් විදියට....

12 comments:

  1. අනේ අම්මෝ මේවනං මට අරහං
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. ඔන්න මට මතක් වෙනවා මං ඉගෙනගත්තා 11 වසරෙදි ගුටි කකා මේ පාඩම.එල එල.

    ReplyDelete
    Replies
    1. හෙහේ... ඒ කාලෙ කොච්චර පාඩම් කලත් පාට වලට තියෙන අගය මතක හිටියෙම නෑ නේද අෆ්ෆ?
      :ඩී

      මට නම් ඒ කාලෙ ඔය තුන් වෙනි කොටසෙ තියෙන බිංදු ගාන එකතු කර්න එකත් පැටලෙනව හරියට!!
      :ඩී

      Delete
  3. ප්‍රශ්ණ නම් කෝටියයි... මේ පෝස්ටුවේ ගැටලු නෑ... අදාළ පාඩම් ආවම දාන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ලොකු හයියක් සහෝදරයා මගේ මේ බ්ලොග් එකත් එක්ක ඉන්න එක...
      මේ ඉන්න කීප දෙනා වෙනුවෙන් හරි මේක ලියනව.. පොඩ්ඩක් තාවකාලිකව නැවතුනත්.. අනිවා ලියන එක ලියනව...

      ස්තූතියි අළුත් මල්ලි....

      Delete
  4. මං කියලා දීපු විදියට ම ලියලා තියෙනවා! ජය වේවා!! :P

    ReplyDelete
    Replies
    1. හෑහ්....
      ඔයැයි කියල දුන්නෙ මට ලියන විදියක් නෙමෙයි නෙව..
      වෙන මොකක්ද විදියක් නේ...
      ;)


      ස්තූතියි රැන්ගෝ...

      Delete
  5. principle සෑර්ට කියන්නම ඕනෑය... දැන් මේ ටීචර්ගේ වැඩේ අයිස් ගහන එකමය... පංතියට එන්නේම නැත...

    ReplyDelete
  6. රත්තරන් අක්කියෝ අනේ මම පොඩි අහිංසක කෙල්ලෙක්. මට හරි ආසයි අන්තර්ජාලය පිළිබඳව මගේ දැනුම වැඩි දියුණු කර ගන්න. ඒ හේතුව නිසාම මමත් පොඩියට හීනියට බ්ලොග් ලිපි ටිකක් මට පුලුවන් විදිහට ලියලා දාලා බ්ලොග් එකක් කරගෙන යනවා. ඒත් අක්කේ මට නම් බ්ලොග්කරණයට වැඩිය අත්දැකීම් නැහැ. මමත් ඉතින් පුංචි කෙල්ලෙක්නේ. මම හරිම ආසයි ඔයාලා වගේ ප්‍රවීණ, උගත්, බුද්ධිමත් අය ඇසුරු කරලා වටිනා කියන අදහස් සාරවත් සංකල්පනා උකහා ගන්න. ඔයාට පුලුවන් නම් හොඳ අක්කා වගේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් කරන්න අය්යේ. අක්කිට බුදු සරණයි..!! රත්තරන් අක්කියෝ.. ඔයා එනකල් මම මඟ බලා ඉන්නවා හොඳද?

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....